Saturday, June 25, 2011

උපුල් තරංග, තහනම් උත්තේජක හා ක්‍රීඩාවේ හෙට දවස.........

උපුල් තරංග ගැන මේ ලිපිය ලියන්නට එකම හේතුව ඔහු මා උගත් පාසලෙන් මෑත කාලයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වීමම පමණක්ම නොවේ.මන්ද තරංග යනු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෑත කාලයේ දායාද වූ මාහැගි සම්පතක් නිසාවෙනි. සනත්ගෙන් හිස්වූ ප්‍රහාරාත්මක ආරම්බක පිතිකරුවාගේ භූමිකාවට අපට දැනට සිටින එකම අනාගත ආයෝජන ඔහු නිසාවෙනි.

පසුගියදා අවසන් වූ ලෝක කුසලාන තරගමාලාවේ ලංකාව හා නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව තරගයේදී තහනම් උත්තේජක වන Prednisone and Prednisolone ලබාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ අතර, දැන් ඔහු ඒ සදහා වැරදිකරුවී තිබේ.මේ නාටකයේ අළුත්ම ජවනිකාව නම් තරංගට මේ මැයි මස 9 වනදා සිට බල පැවැත්වෙන පරිදි මාස තුනක තරග තහනමක් පනවා තිබීමයි. මේ තරග තහනම මාස තුනකට සීමාවූයේ තරංගගේ නිර්දෝශීභාවය ICCය ටද ඒත්තු ගිය බැවිනි, නැතිනම් තත්වය තවත් බැරෑරුම් වන්නට ඉඩ තිබිණි.


තරංග යනු තහනම් මෑත කාලයේ උත්තේජක චෝදනාවට ලක්වූ පළමු ජාතික මට්ටමේ ක්‍රීඩකයා නොවේ, පසුගියදා අවසන්වූ පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් රන් පදක්කම දිනූ මංජු වන්නිආරච්චිට එය අහිමිවී ගියේ, ඔහු තරගයට පෙර තහනම් උත්තේජකයක් ලබාගෙන තිබූ බැවිනි.මීට අමතරව මලල ක්‍රීඩිකා ජානි චතුරංගනීද තහනම් උත්තේජක මාරයාගේ ගොදුරු බවට පත්විය.

අපේ රටේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් පවතී, එහි සේවය කරන වෛද්‍යයවරුන්ට යහමින් මුදල්ද, අනිත් සත්කාර සම්මානද ලැබේ. මා දන්නා පරිදි සියළුම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ රෝග සදහා බෙහෙත් හෝ වෙනත් පෝෂණ අතිරේක ලබාගත් යුත්තේ මේ ක්‍රීඩා වෛද්‍ය ඒකකය හරාහා වීමයි. නමුත් මෙහි කාර්යයභාරය හරි හැටි ඉටුවන්නේද යන්න රටේ ජනතාව ඉදිරියේ ඇති ප්‍රධානටහම ගැටළුවයි. මන්ද එය එසේවන්නේ නම් මෙතරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තහනම් උත්තේජක වලට ගොදුරු වන්නේ නැත. එහෙයින් කටින් බතලකොල හිටුවන ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ මෙවන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් මෙරටට අවශයද???


මංජු හා ජානි ගේ සිද්ධි වලදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා(මර්වින් සිල්වාට ආ(නා)චාර්යය පදවියක් ලබාදෙන්නට මුල්වූ පුද්ගලයාද මොහුය) අත පිහිදා ගත්තේ, ඔවුන් බෙහෙත් ලබාගෙන ඇත්තේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයට පරිභාහිරව එහි ලියාපදිංචි නොවූ වෛද්‍යවරයෙකුගෙන් කියමිනි.නමුත් තරංගගේ සිදිධිය ඊට හාත්පසින්ම වෙනස්ය, ඔහු බෙහෙත් ලබාගෙන ඇත්තේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තමන් හදුන්වාගන්නා ඒලියන්ත වයිට් නැමැත්තාගෙනි. වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ම පවසන පරිදි මොහු ක්‍රීඩකයනට ප්‍රතිකාර කිරීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් අනුමත කරන ලද පුද්ගලයෙකි. නමුත් මෙහි ඇති හොදම විහිළුව, මේ ඒලියන්ත වයිට් නැමැත්තාට කිසිදු පිලිගත් වෛද්‍ය විදයාලයකින් හෝ ඒහාසමාන වෙනත් ආයතනයකින් ලබාදුන් කිසිදු සහතිකයක් නොමැති වීමයි (මහින්ද මාමාගේ වෙදදුරු යන නාමය හැරුනුකොට), කොටින්ම අපේ වචනයෙන් කියනවානම් ඒලියන්ත වයිට් යනු "හොර වෙදෙකි". මෙරට නීතියට අනුව එසේ වෙදකම් කිරීම බරපතල වරදකි. අනිත් අතට "හොර වෙදෙකුට" ක්‍රීඩකයන්ට වෙදකම් කිරීමට අවසර ලබාදීම එයිටත් වඩා වරදකි. අද තරංග නොකල වරදකට දඩුවම් විදී, නමුත් තරංගට ප්‍රතිකාර කල ඊලියන්ත වයිට් නැමැත්තා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකොට නොමැත(කෙදිනකවත් සිදුනොවනුද ඇත).

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පෙරේදා පැවති මාධය සාකච්චාවේදී උත්සාහකලේ ඔවුන්ගේ මේ කසලගොඩ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඇගේ ගසා shape වීමටයි. ඒ ඒලියන්ත වයිට් ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කරනුලැබූයේ සංගක්කාරගේ ඉල්ලීම පරිදියි කියමිනි.

අවසානයේ කියන්නට දෙයක් ඇත මෙවන් වගකීම් විරහිත බලධාරීන් හා එදාවේල ටුවර්ස් ක්‍රීඩා වෛද්‍ය ඒකකයක් සමග හෙටදවසේ අපේ ක්‍රීඩාව කොයිබටද????

4 comments:

  1. Ela Ela
    Onna apith comment ekak damma.
    Thawa kathaa dapan tikak dapan
    Ara uba issara bodimedi kiyana ewa.
    ---
    Gayashan

    ReplyDelete
  2. @Shayanga - Thanks
    @Gayashan - එල එල, කොල්ලො උනහම එහෙම තමයි..........

    ReplyDelete